විටමින් B12 ඌන රක්තහීනතාවය

විටමින් B12 හෝ B9 (සාමාන්‍යයෙන් ෆෝලේට් නමින් හඳුන්වයි) අඩු වීමෙන් ඇති වන රක්ත හීනතාවය හට ගන්නේ, විටමින් B12 හෝ ෆෝලේට් අඩු වීම නිසා නිසිලෙස ක්‍රියාකාරී නොවන අසාමාන්‍ය ලෙස විශාල රතු රුධිර සෛල ශරීරය විසින් නිශ්පාදනය කිරීමෙනි.

රතු රුධිර සෛල ශරීරය පුරා ඔක්‌සිජන් ගෙන යන්නේ හිමොග්ලොබීන් නැමති ද්‍රව්‍යයක් භාවිතයෙන් වේ.

සාමාන්‍යයෙන් පැවැතිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් රතු රුධිර සෛල හෝ සෑම රතු රුධිර සෛලයකම අසාමාන්‍ය ලෙස අඩු හීමොග්ලොබින් ප්‍රමාණයක් පැවැතීම, රක්ත හීනතාවය ලෙස සාමාන්‍යයෙන් හදුන්වයි.

රක්ත හීනතාවයෙහි විවිධ වර්ග ඇති අතර ඒ එක එකක් සඳහා විවිධ හේතූන් ඇත.

උදාහරණයක් ලෙස, යකඩ ඌන වීම නිසා ඇතිවන රක්ත හීනතාවය ඇති වන්නේ ශරීරයේ ප්‍රමාණවත් තරම් යකඩ නොතිබීම හේතුවෙනි.

විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයේ රෝග ලක්ෂණ

විටමින් B12 සහ ෆෝලේට් මගින් ස්නායු පද්ධතිය සෞඛ්‍යමත්ව තබා ගැනීම ඇතුළු වැදගත් ශාරීරික ක්‍රියාවලින් ඉටු කරයි.

මින් එක්‌ විටමිනයක හෝ ඌනතාවය පහත සඳහන් ඒවා ඇතුළුව, පුළුල් පරාසයක ගැටලු වලට හේතු වේ:

මෙම ගැටලු වලින් සමහරක්, විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවය නිසා ඇතිවිය හැකි නමුත් රක්ත හීනතාවය වැළදීමක් සිදු නොවේ.

ඔබ වෛද්‍යවරයා හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදී ද,

ඔබට විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයක් ඇතැයි සිතේ නම්, වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබගේ රෝග ලක්ෂණ සහ රුධිර පරික්ෂාවක ප්‍රතිඵල අනුව බොහෝ විට මෙම තත්ත්වයන් පිළිබඳව රෝග විනිශ්චයට එළඹිය හැකිය.

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්ත හීනතාවය හඳුනාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර කිරීම වැදගත් වේ.

මෙයට හේතුව, ප්‍රතිකාර කිරීමත් සමග බොහෝ රෝග ලක්ෂණ සුව වුවද, අදාළ තත්වය හේතූවෙන් ඇති වූ ඇතැම් ගැටලු ආපසු හැරවීමට නොහැකි වීමයි.

විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයට හේතූ

විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයට ගැටලු ගණනාවක් හේතු විය හැක.

ඒවා නම්:

  • විසකුරු රක්තහීනතාවය (පර්නිෂස් ඇනීමියා pernicious anaemia) - මෙහිදී ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඔබගේ උදරයේ නිරෝගී සෛල වලට හානි සිදුකර, ඔබ ආහාරයට ගන්නා ආහාර වලින් විටමින් B12 අවශෝෂණය කිරීම වළක්වයි
  • ඔබ ගන්නා ආහාරයේ මෙම විටමින් හිඟ වීම - මෙය සුලබ නොවන නමුත් ඔබ නිර්මාංශ ආහාර ගන්නේ නම්, සුලබ ආහාර වර්ග ගන්නේ නම් හෝ දීර්ඝ කාලයක් දුප්පත් ආහාර වේලක් ගන්නේ නම් මෙසේ විය හැක
  • ඖෂධ - මීමැස්මොරය වැනි රෝග වලට ලබා දෙන ඖෂධ හා ප්‍රෝටෝන පොම්පය වලක්වන ඖෂධ (PPI) වැනි ඇතැම් ඖෂධ, ඔබගේ ශරීරයට මෙම විටමින් කොතරම් ප්‍රමාණයක් අවශෝෂණය කිරීමට හැකි ද යන්නට බලපායි

විටමින් B12 ඌනතාවය සහ ෆෝලේට් ඌනතාවය යන දෙකම වඩාත්ම සුලබ වන්නේ වැඩිහිටියන් තුල වන අතර වයස 75 ට වැඩි මිනිසුන් දහයකින් එක් අයකුටත් වයස 65 ත් 74 ත් අතර මිනිසුන් විස්සකින් එක් අයකුටත් මෙය සාමාන්‍යයෙන් බලපායි.

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවය සඳහා ප්‍රතිකාර කිරීම

බොහෝ අවස්ථා වලදී අඩු විටමින් වෙනුවට එන්නත් හෝ බෙහෙත් පෙති ලබා දීමෙන් විටමින් B12 සහ ෆෝලේට් ඌනතාවය පහසුවෙන් සුව කළ හැක.

සාමාන්‍යයෙන් මුලින්ම විටමින් B12 අතිරේක දෙනු ලබන්නේ එන්නතක් ආකාරයටයි.

එවිට, B12 ඌනතාවය ඔබගේ ආහාර වේලට සම්බන්ධ ද නැත්ද යන්න මත පදනම්ව, ඔබට ආහාර වේල් අතරට B12 පෙති ගැනීම හෝ ක්‍රමානුකූලව එන්නත් ලබාගැනීම අවශ්‍ය වේ.

ඇතැම් විට මෙම ප්‍රතිකාර ඔබගේ ඉතිරි ජීවිත කාලයටම අවශ්‍ය වේ.

ෆෝලේට් මට්ටම් නැවත පෙර තිබු ප්‍රමාණයට ගෙන ඒමට ෆෝලික් අම්ලය භාවිතා කෙරේ. මේවා සාමාන්‍යයෙන් මාස 4 ක් ගත යුතුය.

සමහර අවස්ථා වලදී, ඔබගේ ආහාර වේල වැඩි දියුණු කිරීම මගින් අදාළ තත්වයට ප්‍රතිකාර කිරීමට උපකාර වීම සහ එය නැවත පැමිණිමෙන් වැලැක්වීම සිදු කෙරේ.

මස්, මාළු, බිත්තර, කිරි නිශ්පාදන, යීස්ට් සාරය (මාමයිට් වැනි) හා විශේෂයෙන් සකසන ලද ආහාර වල විටමින් B12 අඩංගු වේ.

හොඳම ෆෝලේට් අඩංගු ආහාර වලට බ්‍රොකොලි , බ්‍රසල්ස් ස්ප්‍රවූට් (ගෝවා වැනි), ඇට වර්ග වැනි කොළ පැහැති එළවළු අයත් වේ.

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවයේ සංකුලතා

මෙය සුලබ නොවන නමුත් විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවය නිසා (රක්තහීනතාවය ඇතුව හෝ නැතුව) සංකුලතා ඇති විය හැක, විශේෂයෙන් ඔබ යම් කාළයක් පුරා විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයකින් පෙලෙන්නේ නම්.

ඇතිවිය හැකි සංකූලතා සඳහා පහත ඒවා ඇතුළත් කළ හැක:

  • ස්නායු පද්ධතිය සමඟ ඇති වන ගැටලු
  • තාවකාලික මඳසරුභාවය
  • හෘදයේ ඇති වන තත්ත්ව
  • ගර්භණී සංකූලතා හා උපත් දෝෂ

දැඩි රක්තහීනතාවය සහිත වැඩිහිටියන් ද හෘදය අකර්මන්‍ය වීමේ අවදානමකින් යුක්ත වේ.

සමහර සංකුලතා සුදුසු ප්‍රතිකාර සමඟ සුව වන නමුත් ස්නායු පද්ධතිය සම්බන්ධ ගැටලු වැනි අනෙක් ඒවා ස්ථිර සංකුලතා විය හැක.